එංගලන්තයේ නොටින්හැම්හි ඊයේ පැවති ශ‍්‍රී ලංකා එංගලන්ත එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු සමවී අවසන් විය.
අවසන් මොහොත දක්වා ලංකාව ජයග‍්‍රාහී මාවතක සිටි නමුත් අවසන් පන්දුවේ එංගලන්ත ක‍්‍රීඩකයෙකු එල්ල කළ 6 පහරක් නිසා
මේ දේ සිදුවිය.
මෙම තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 286ක් ලබා ගන්නා ලදී.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක්, සීකුගේ ප‍්‍රසන්න ලකුණු 59ක්, දිනේෂ් චන්දිමාල් ලකුනු 37ක්, පර්වේස් මහරූෆ් නොදැවී ලකුණු 31ක් වශයෙන් ලබාගනිමින් ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ගත් අය බවට පත්විය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ද කඩුලූ 8ක් දැවී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 6 ලකුණු 82ක් තුළ දැවී ගියද ජොස් බට්ලර්ගේ ලකුණු 93ත්, ක‍්‍රිස් වෝකස් නොදැවී ලබාගත් ලකුණු 95ත් හේතුවෙන් එංගලන්ත ඉනිම යළි ගොඩනැගිණ.
එම පන්දුවාරය නුවන් ප‍්‍රදීප් විසින් යැවූ අතර අවසන් පන්දුවට 6 පහරක් එල්ල කරමින් ශ‍්‍රී ලංකා පිලේ ජයග‍්‍රහණ බලාපොරොත්තුව අහිමි කළේ ලියම් ප්ලන්කට් විසිනි.
තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 95ක් රැස්කළ ක‍්‍රිස් වෝකස්ට හිමි විය. ඔහු පන්දු යැවීමේදී ද කඩුළු 2ක් බිඳ දැමීය.
දෙරට අතර තරගාවලියේ දෙවැනි තරගය ලබන 24 දා එඞ්බැඞ්ජ්ස්ටන් හි පැවැත්වීමට නියමිතය.
තරගයේ විශේෂ අවස්ථා පහතින්