හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටියදී බේරා ගත් මාස තුනක් පමණ වයසැති අලි පැටවා වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
පසුගිය මැයි මස 29 වනදා වරාය සේවකයන්ගේ ද සහයෝගය ඇතිව වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබූ මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවන වෙත රැගෙන ගොස්
තිබුනේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීමටය.
ඇත් අතුරු සෙවනේ සේවය කරන එකම පශු වෛද්‍යවරයා විදේශ ගත වීම සඳහා නිවාඩු ලබා ගෙන සිටි බවත් ඔහු වෙනුවට වැඩ බැලූ පශු වෛද්‍යවරයා වනජීවී අමාත්‍යංශය වෙනත් ප්‍රදේශයකට යොමු කර තිබීම නිසා අලියාට ප්‍රතිකාර කරන්නට කිසිවෙකු නොසිටි බවත් වාර්තා වුණා.
සඳුදා (20) උදෑසන අලි පැටවාගේ අසාධ්‍ය තත්වය වනජීවී දෙපාර්තමේන්තුවට දැන්වූ පසු් අඟහරුවාදා (21) ඇඹිලිපිටිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැමිණ අවසාන මොහොතේ අලි පැටවාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළත් ඒ වනවිට ප්‍රතිකාර රහිතව දුර්වලව සිටි අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
වනජීවී දෙපාර්තමේන්තුව සතුව දිවයින පුරා සේවය කරන්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බවද වාර්තාවේ.
මෙය නොසැලකිල්ල නිසා අලියාට අත්වූ අවාසනාවන්ත මරණයක් ලෙස සිද්ධිය විස්තර කළ අය දන්වා ඇත.