මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස සංකීර්ණය වෙත අද මාධ්‍යවේදීන් කැඳවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රන්ජන් රාමනායක හා ආනන්ද අලූත්ගමගේ විවිධාකාර දූෂණ අක‍්‍රමිකතාවලට යොදාගත් බව කියන වාහනයක් මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස සංකීර්ණයේ ගාල්කර තබා ඇති බව එය ඉදිරියට ඇවිත්
කියා සිටියා.
ලියාපදිංචි සටහන් අතුරුදන් කර ඇතත් එම අංකයෙන් දෙපාර්තමේන්තුව නිකුත් කළ අංක තහඩු යොදාගෙන පාරේ වාහනයක් ධාවනය කිරීමද ගැටලූකාරීය.
මෙම වාහනය මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස සංකීර්ණයේ නවතා ඇති සැටි දැකීමෙන් විශ්මයට පත්ව තිබෙන ආනන්ද අලූත්ගමගේ මහතා මෙම අංකය තමා හඳුනන එකක් බව කියා සිටින අතර තම ඥාති සොයුරාවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයෙකුව සිටි කාලයේ මේ වාහනයෙන් ගමන් කරමින් විවිධ අක‍්‍රමිකතා සිදු කළ බව කියා සිටියා.
ඊට අදාළව නාවලපිටිය හා කුරුඳුවත්ත පොලිසිවල පැමිණිලි ඇති බවත් දන්වා සිටි ඔවුන්
දැනටමත් මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුද ඇති බවත්, මෙම අංකය සහිත වාහනය උසාවිය විසින් පොලිසියට සොයන ලෙස දැනුම්දි ඇති එකක් බවත් කියා සිටියා.
වහාම මේ ගැන පරීක්ෂණ අරඹන ලෙස පොලිසියෙන් ඉල්ලන බවද ඔවුන් දන්වා සිටියා.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්