නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඊයේ මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ නවතා තිබූ මහින්දානන්ද මන්ත‍්‍රීවරයාට අයත් වාහනයක් ගැන මාධ්‍ය වෙත හෙළීදරව් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවේදී එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේ වචන හුවමාරුවක් හා ගුටිකෙළි
යක ආරම්භයක් සිද්ධවූ බව පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා.
මෙම ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට පෙර අනුර කුමාර දිසානායක, කුමාර වෙල්ගම යන මන්ත‍්‍රීවරුන් මැදිහත්ව සමථයකට පත්කරන ලද බවද සැලවුණා.

හිටපු ඇමති මහින්දානන්ද පසුගිය රජය සමයේ නාවලපිටිය ප‍්‍රදේශයේ යම් යම් අයථා කටයුතු සිද්ධ කළ බවට

ඔහුගේම ඥාති සොයුරු ආනන්ද අලූත්ගමගේ හෙළිදරව් කළ වාහනයක් ගැන පුවත මාධ්‍ය කැඳවා එම වාහනය ළඟ සිට දුරඇමතුම් ලබාදෙමින් රසවත් ලෙස රන්ජන් රාමනායක නි.ඇමතිවරයා ඉදිරිපත් කළ පසුව සිත් රිදවා ගත් මහින්දානන්දට
පාර්ලිමේන්තු කටයුතු ඊයේ සවස ආරම්භ වූ පසුව පස්වරු 3.00 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කථානායක කාර්යාලයත් සභා ගැබට මන්ත‍්‍රීවරුන් පිවිසෙන දොරටුවත් අතර ඇති ලොබියේදී රන්ජන්ව හමුවී තිබේ. එම අවස්ථාවේ දෙදෙනා අතර වචන හුවමාරැවක් ඇතිව තිබේ.

”ඔයා තමයි ඔක්කොම කුණු අදින්නේ” රන්ජන් දුටු වහාම අලූත්ගමගේ ප‍්‍රකාශ කර ඇත.

”ඔයාගේ නෝනා තමයි මට මේ ඔක්කොම කුණු දෙන්නේ” රන්ජන් පිළිතුරු දී තිබේ.

”චිත‍්‍රපටිවල පාට් මෙතන බෑ..” අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා කියද්දී

චිත‍්‍රපටිවල වගේ මට ගහගන්නත් පුළුවන් යයි රන්ජන්ද ප‍්‍රකාශ කළ බව සිද්ධිය ඇසින් දුටු මන්ත‍්‍රීවරයෙක් කියා ඇත. එම අවස්ථාවේ එකිනෙකා තල්ලූ කර ගනිමින් ගැටුමක් ඇතිකර ගැනීමට දෙදෙනා උත්සාහ කර ඇත.
දෙදෙනා පහර එල්ල කර ගැනීමට තැත් කරද්දී කුමාර වෙල්ගම, අනුර කුමාර දිසානායක සහ රංජිත් සොයිසා යන මන්ත‍්‍රීවරු මැදිහත්ව දෙදෙනා දෙපසට ඇද තත්ත්වය සමනය කර තිබේ. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ද එම ස්ථානයේ සිට ඇත.
මේ පිළිබඳව රන්ජන් රාමනායක මාධ්‍ය විමසූ විට මෙසේ කියා ඇත.
‘ඔව්... අපි අතර බහින්බස් වීමක් සිද්ධවුණා. දෙන්නට දෙන්නා තල්ලූ කරගත්තා. අපි ගහගන්න ගියා තමයි’

මින් ඉහත පසුගිය ජනපතිවරණ සමයේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට මහින්දානන්ද අලූත්ගමගේ පෙනී සිටි අවස්ථාවක දුරකථනයෙන් ‘මාතර සුනිල්’ නමින් පේ‍්‍රක්ෂකයෙකු ලෙස අමතමින් රන්ජන් මහින්දානන්දට ‘හොරා හොරා’ යයි චෝදනා කළ අතර එම සිද්ධිය ආන්දෝලනයට ලක්වූ එකක් විය.

මහින්දානන්දගේ මැර වාහන හෙළිදරව්ව ගැන පෙර ලිපිය මෙතැනින්