පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (18) උදෑසන සිය පාගොඩ නිවසේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස්
ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සාදා රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙනි.
අපේ‍්‍රල් 18 වන දින ඩිජිටල් නොමිනීස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම් කොටස් පිළිබඳව සිදු කළ ගනුදෙනුවකට අදාළව
මේ වනවිට ප‍්‍රශ්න කිරීම සඳහා ගම්මන්පිල මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රැගෙන එනු ලැබ ඇත.
මින් දින කිහිපයකට පෙර තමාව මේ ආකාරයට අත්අඩංගුවට ගන්නට යන ආකාරය ගැන ගම්මංපිල ශේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්ද (පෙත්සමක් මගින්) ඉදිරිපත් කර තිබුනි.
පාඨලී චම්පික අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත අසත්‍ය චෝදනාවක් ගොඩනගා තමා අත්අඩංගුවට ගෙන සිර අඩස්සියේ තැබිමට අවශ්‍ය ව ඇතැයි එහිදී කියා තිබුණි.