මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ශ‍්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් කළ විරෝධතා පාගමනට අද සවස කොල්ලූපිටිය මංසන්ධියේදී පොලීසිය කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබිණි.
මෙම පාගමන හේතුවෙන් අද සවස් කාලයේ
හයිලෙවල් පාරේ

දෙල්කඳ ප‍්‍රදේශයේ සිට විශාල මාර්ග තදබදයක්ද ඇති විය. කොල්ලූපිටියේදී අගමැති කාර්යාලය පිහිටි අරලියගහ මන්දිරය වෙත යන්නට හැදූ සිසුන් විසුරුවා හැරීම සඳහා අධිපීඩන ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් පොලිසිය මගින් එල්ල කළ පසු එම විරෝධතාව අවසන් විය.
එම අවස්ථාවේ දෙරණ වීඩියෝව පහතින්