ලයිසියම් අසළින් හමුවූ අත්බෝම්බය ගැන CCTV පොලිස් පරීක්ෂණ

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිහිනුම් තටාකය හා ක‍්‍රීඩා පිටිය ආසන්නයේ පිහිටි කුණුගොඩක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ හමුවී තිබෙනවා.
සැකකටයුතු බෝම්බයක් ඇති බවට පොලිසියට ලැබුණ ඇමතුමක් නිසා
කොහුවල පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කර ඇති අතර


අනතුරුව යුද හමුදා බෝම්බ න‍ිෂ්ක‍්‍රීය අංශය කැඳවා එය පාළු ප‍්‍රදේශයකට ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී එය ජීව අත්බෝම්බයක් බව හඳුනාගෙන තිබේ. අනතුරුව එය නිෂ්ක‍්‍රීය කරන්නට ඔවුන් කටයුතු කර තිබේ.
පාසල් සිසුසිසුවියන් දහස් ගණන් ගැවසෙන මෙම ස්ථානයේ මෙකී අත්බෝම්බය පුපුරා ගියේ නම් මහත් විනාශයක් වන්නට ඉඩ තිබුණ බව පොලිසියේ ප‍්‍රකාශකයෙකු විස්තර කළා.
එම ස්ථානයට බෝම්බය ආ ආකාරය ගැන පුළුල් විමර්ශනයක් කරන්නට පසුව පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ සීසීටීවී වාර්තා කැඳවා පරීක්ෂා කරන්නට
නුගේගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් විදුර පී. මංචනායක මහතාගේ අවසරයද ලබාගෙන ඇත.
මෙය කවුරුන් විසින් කුමන හේතුවක් නිසා රැගෙන එන ලද්දක්ද යන්න තවම වාර්තා වී නොමැති අතර කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.