නාගරික සිසුන් 20 ක් දුෂ්කර සිසුන් ලෙස
උසස් පෙළට වාඩි කරවූ හලාවත ප‍්‍රින්සිපල් මාට්ටු

සරසවි ප‍්‍රවේශයේදී සලකා බැලෙන ඉසෙඞ් අගය දුෂ්කර පාසල් සඳහා වාසිදායක බැවින් නාගරික ප‍්‍රදේශවල සිසුන්ට දුෂ්කර පාසල් සිසුන් ලෙස විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබාගැනීමෙන් එම වාසිය භුක්ති විඳගන්නට අවස්ථාව සැලසීම නිසා හලාවත අධ්‍යාපන කොට්ඨාසයට අයත්
විදුහල්පතිවරයෙකු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට හසුවී තිබේ.

දුෂ්කර පදනමට අයත් නොවන මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප‍්‍රදේශවල පාසල් සිසු සිසුවියන් විසිදෙනකුට මේ ආකාරයට විභාගයට පෙනී සිටින්නට අවශ්‍ය ලිපි ලේඛණ සකසා දී තිබෙන්නේ හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්ටරාමුල්ල අල්-හිරා මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාය.
ගණිතය සහ විද්‍යා අංශවලින් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට සිසු සිසුවියන් 20 දෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ  සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කියා සිටී.
මෙම සිදුවීම විභාග දෙපාර්තමේන්තුවට දන්වා අදාළ සිසුන් නිවැරදි දිස්ත්‍රික්ක ලැයිස්තුවලට යොමු කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවද ඔහු දන්වයි.