150 වැනි පොලිස් සංවත්සරයට සමගාමීව පොලිස් සේවය ” ශ‍්‍රී ලංකා පොලීසිය” යන නිල නාමයෙන්
හැඳින්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
 එය පහත පරිදිය.
 ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් භාවිත කිරීම. ශ‍්‍රී ලංකාවේිපොලිසිය’ එක් එක් කාලවකවානුවලදී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලැබ තිබේ.
1865 අංක 16 දරන පොලිස් ආඥාපනත හා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග යටතේ එයිශ‍්‍රී ලංකා පොලිස් බලකාය’ වශයෙන්ද, 1945න් පසු ‘ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව’ වශයෙන්ද හඳුන්වනු ලැබ ඇති අතර, 1972 වර්ෂයේ සිටිශ‍්‍රී ලංකා පොලිස් සේවය’ ලෙස හඳුන්වනු ලැබේ.
ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සිය 150 වන සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර, ඒ අනුව එම දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් යොදා ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා ’ශ‍්‍රී ලංකා පොලිසිය’ යන නාමය මින් ඉදිරියට භාවිත කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’