අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේදී
පාර්ලිමේන්තුවේදී විරුද්ධව කෑගැසූ ඒකාබද්ධය පසුව

රනිල් සමග සතුටුවෙලා


ඊයේ පාර්ලිමේන්තුවේදී කලූ පටි පැළඳගනිමින් පැමිණ යටිගිරියෙන් කෑගසමින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටවීමේ පනතට විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඡන්දයකින් තොරවම සම්මත වූ පනතින් අනතුරුව පාර්ලිමේන්තු සභාගර්භය මැදදී අගමැති රනිල් සමග සතුටු සාමීචියේ යෙදෙමින් ඇමති මලික්ගේ කරට අතදාගනිමින්
හැසිරුණ බව වාර්තා වෙනවා.
පනත ඉදිරිපත් කිරීමේදී කළු පටි පැළඳගෙන පාර්ලිමේන්තුවට පිවිසි ඒකාබද්ධ විපක්ෂ පිල උද්ඝෝෂණයක්ද කර තිබුණි.
පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණ විරෝධය දැක්වූවත් විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් නොසිටි අතර දිනේෂ් ගුණවර්ධන මහතාගේ වාරය එළැඹි බව කතානායකවරයා දැන්වුවද ඔහු කතා කිරීමට ඉදිරිපත්වූයේ නැත.
ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප‍්‍රකාශ කොට ආණ්ඩුව විවාදයකින් තොරව පනත සම්මත කර ගත්තේය.
මෙම ක‍්‍රියාදාමය මහින්ද-රනිල් ඞීල් එකක් ලෙස ජවිපෙට අයත් සමාජ ජාල හා වෙබ් අඩවි මේ වනවිට වාර්තා කර තිබේ.
එම පනත සංශෝධනයෙන් පසු උද්ඝෝෂණයේ නිරතවූ මහින්ද පිලේ උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, සනත් නිශාන්ත, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත‍්‍රීවරුණුත් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ, මලික් සමරවික‍්‍රම, හර්ෂණ රාජපකරුණා යන් මන්ත‍්‍රීවරුණුත් සතුටු සාමිච්චියේ යෙදී සිටි අයුරුත්
ගම්මන්පිල මහතා මලික් සමරවික‍්‍රම මහතාගේ කරට අතදමාගෙන සිටින අයුරුත් මෙම ඡායාරූප වලින් පැහැදිලි වෙයි.