
අද උදෑසන 9 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ 11ක ජල සැපයුම තාවකාලිකව ඇති හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දන්වා සිටි.
ඒ අනුව අද(10) උදැසන 9 සිට එදින රාත්‍රී 9 දක්වා පැය 12ක කාලයක් ජල සැපයීම අත්හිටුවීමට නියමිත අතර එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ මහරගම, බොරැලස්ගමුව, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම,රුක්මල්ගම,පැලන්වත්ත,මත්තේගොඩ,ගොඩගම,මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයි.
මව්බිම ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කලටුවාව ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන ජල සම්ප්‍රේෂණ නලයක සිදු කෙරෙන හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බවයි.