අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ දක්වා පැවතියේ කඩඉම් විභාගයක් ලෙසය. ලංකාවේ සාමාන්‍ය පෙළ ගණීතය විෂය අසමත්වීම නිසා උසස් පෙළ නොකර අත්හරින ප්‍රතිශතය ඉහළ අගයක් ගත්
අතර ගම්බද ඇතැමුන් උසස් පෙළ නොකරන්නට ආර්ථික ප්‍රශ්නද මුල්කරගනී.



මින් පසු සාපෙළ විභාගය අසමත්ව පාසල් අධ්‍යාපනය හැර යන්නට ඉඩ නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් දන්වා සිටී. එම දරුවන්ට සුදුසු විෂයමාලා යටතේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇති බව ඔහු පවසයි.

සියලුම දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථාව 2018 වර්ෂය වන විට නිර්මාණය කිරීමට සැලැසුම් කර ඇති අතරම රැකියා අභිමුඛ අධ්‍යාපනයක් ඉලක්ක කර විෂය මාලා නවීකරණය කිරීමෙන් නව විෂයයන් හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.