අල්ලස් කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබාදීමට ඊයේ 6 පැමිණි ඇවන්ගාඞ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු ඊයේ සවස 3.30 ට පමණ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූවා.
රුපියල් ලක්ෂ 355 මුදලක්
ඇවන්ගාර්ඩ් සමාගම විසින් 'පාලිත ප්‍රනාන්දු භාරය' ට බැර කිරීම


අල්ලස් ක්‍රියාවක් ලෙස අර්ථ ගන්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණ. නමුත් නිශ්ශංකගේ නීතිඥවරුන් දන්වා ඇත්තේ මේ ගිණුම පුද්ගලික ගිණුමක් නොවන බවත්, එය භාරයක් බවත්, මුදල් බැර කර ඇත්තේ නිත්‍යානුකුලව බැවින් එය අල්ලසක් නොවන බවය.
 ඊයේ හැන්දෑවේ අත්අඩංගුවට ගත් මේ දෙපළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිවසට ගෙනගොස් ඉදිරිපත් කර තිබුණා.
එහිදී ගිහාන් පිලිපිටිය මහතා විසින් මේ එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්ද, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපය බැගින්ද නියම කර ඊයේ සවසම ඇප මත මුදා හරිනු ලැබ තිබේ.