ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට අනුව වාහන මිලෙහි කිසිදු වෙනසක්‌ සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ආනයනික වාහන සඳහා දැනට පනවා තිබෙන

බදු ඉදිරි අයවැයෙන් අඩු කරන බවට පැතිර යන මතය පදනම් විරහිත බව ද එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසීය.

වසර දෙකක්‌ යන තුරු ආනයනික වාහන සඳහා වන බදුවල වෙනසක්‌ නොකරන බවට තම සංගමයට මුදල් ඇමැතිවරයා පොරොන්දුවක්‌ දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. ඉදිරි අයවැයෙන් වාහනවල බදු අඩු කරන බවට පැතිර යන මතය හේතුවෙන් මේ වන විට රථවාහන වෙළෙඳ පොළ අස්‌ථාවර තත්ත්වයකට පත්ව තිබෙන බව ද සභාපතිවරයා කීවේය.

ලසිත දුමින්ද - ප්‍රභාත් විතාන