බොරලැස්ගමුව කටුවාවල පාරේ පිහිටි සිනමා නළු චන්න පෙරේරා වාසය කරන නිවසට පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් කාලයේ සොරෙකු ඇතුළුවී රන් ආභරණ ඇතුළු වටිනා දේ සොරාගෙන යාමේ පුවතක් වාර්තා විය.


ප‍්‍රදේශයේ නමගිය මත්කුඩු ඇබ්බැහියෙකු කියන මෙම පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක් බලා උදෑසන 11.30ට පමණ ඉහළ මාලයේ කාමරයක ජනේලයක කූරු මෑත්කර රන්මාල දෙකක්,මුදු දෙකක් හා මුදල් රැගෙන පළායන්නට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේ අවට අසල්වාසීන් සිද්ධිය දැක ඇති අතර ඔහු වටිනා දෑ සොරාගෙන එළියට එනතුරු රැකසිටි අසල්වැසි පිරිසක් ඔහුව අල්ලා ප‍්‍රශ්න කර බඩු සොරකම පිළිගැනීමෙන් පසුව පොලිසියට භාරදී තිබේ. රත්මලාන තෙලවල පාරේ පදිංචි මත්කුඩු ඇබ්බැහියකු බව කියන සැකකරු පොලිසිය මගින් රක්සිත බන්ධනාගාර ගත කර තිබෙන අතර සිනමා නළුවාගේ වටිනාදේ සියල්ල නැවත අත්පත් කරගන්නට හැකියාව ලැබී ඇත.