භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුවට වරදකරුවන් වූ දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණ දඩුවම් නියම කිරීමට අද අධිකරනයේදී තීරණය විය.

මෙහිදී මරණ දඩුවම නියම කළ 5 දෙනා වූයේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත්,


ජනක බණ්ඩාර ගලගොඩ සහ සරත් බණ්ඩාර යන අයයි.
අධිකරණයට මේ 4 දෙනෙකු අද පැමිණ සිටියත් එක් අයෙකු වන ජනක බණ්ඩාර ග‍ලගොඩ අතුරුදන්ව සිටියේය. ඔහු නැතිව නඩුව පසුගිය කාලයේ විභාග විය.
මේ අය අතුරින් චමින්ද රවී ජයනාත් යනුවෙන් හදුන්වන්නේ තවත් අපරාධ රැසක් නිසා ප්‍රකටව සිටින “දෙමටගොඩ චමින්ද“ යි ඔහු “කුඩු චමින්ද“ ලෙසද ප්‍රකටය.
ඔහුද දුමින්ද සිල්වා ඇතුළු අනෙක් අය සමග අද මරණ දඩුවමට ලක්විය.


(pix courtesy by-dailymirror.lk)