දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී තරුණ කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට චෝදනා ලැබූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සීමාවාසික පුහුණු වෛද්‍ය සිසුවෙකු ඊයේ (5දා) කොහුවල පොලිසිය වෙත කැඳවා ප‍්‍රකාශයක් ලබාගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ පුහුණුව ලබන මෙම වෛද්‍ය සිසුවා පසුගිය මස 15 දින හෝ ඊට ආසන්න දිනයක මේ තරුණිය තම මවත් සමඟ


කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මුණගැසීමට පැමිණි අවස්ථාවේ ඇය පරීක්ෂා කරන්නට අවශ්‍ය බව දක්වා ආවරණය කළ ඇඳකදී ඇයට ලිංගික අතවරයක් කළ බවට ඇය විසින් කොහුවල පොලිසියට කරන ලද පැමිණිල්ලේ දැක්වේ.

ප‍්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා උද්ධෘත නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබාගන්නා බව පොලිසිය දන්වා ඇත.