වැලිකඩ ගිය දුමින්ද ජම්පරේ අඳින්න නොගොස්
කෙලින්ම ලොක්ක හම්බවෙන්න ගිහින්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනා
ඊයේ සවස වැලිකඩ බන්ධනාගාරයට ගෙනයාමෙන් පසුව ආරක්ෂාවට තර්ජනයක් යයි කියා දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් මේ වනවිට පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
අද උදෑසන දක්වා දුමින්ද සිල්වාත් පල්ලෙකැලේට මාරුකරන්නට නියමිතව තිබුණත් පසුව
එම තීරණය වෙනස් කර ඇත. දුමින්ද සිල්වා , අනුර තුෂාර හා සරත් බණ්ඩාර විත්තිකරුවන් තිදෙනා


වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී3 සිර මැදිරියේ රඳවා ඇති බව වාර්තාවේ.
ඊයේ නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ජම්පර ඇඳුම ලබාදී සිරමැදිරියට යවා තිබුණත් දුමින්ද සිල්වා එම ඇඳුම් එකවරම ඇඳගෙන නැති බව බන්ධනාගාර වාර්තා සඳහන් කරනවා.
ඔහු කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයටය. ඒ අධිකාරීවරයා හමුවන්නටය.
මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යාමට ඉඩ සලසා නැති මුත් ඔහුට එතැනට කෙසේ හෝ යන්නට හැකියාව ලැබී ඇත.
බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිටි දුමින්ද අනතුරුව ජම්පරය අන්දවා සී3 සිර මැදිරියට ගෙන ගොස් තිබේ.