ලංකාවේ ඩිජිටල් ක්ෂෙත‍්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදු කරන්නට ඉදිරි මාස කිහිපයේදී පියවර ගෙන ඇති බව පවසන ඇමති හරීන් ප‍්‍රනාන්දු පාසල් සිසුන්ට සියලූ පෙළ පොත් බැලීමට ටැබ් ලබාදීමේ වැඩපිලිවෙලක් මයික්‍රොසොෆ්ට් ආයතනය හා සාකච්ඡා පවත්වා අරඹා ඇති බව දන්වා සිටී.

ඒ අනුව වයස 14 ට වැඩි සියලූම සිසුන්ට ටැබ් එකක් කීබෝඞ් එකක් හා පෙළපොත් දත්ත ලබාදීමේ වැඩ පිලිවෙල අරඹා ඇති බවත් කියා සිටීයි. මයික්‍රෙසාෆ්ට් කෝඩින් නමැති ශිෂ්‍යත්ව ක්‍රමයක්ද අරඹා මේ වසරේ 5000 කටත් ලබන ජනවාරියේ සිට අනෙක් පාසල් සිසුන්ටත් එම පහසුකම ලැබෙනු ඇතැයි කියා සිටී.


මීට අමතරව සියලූ පුරවැසි දත්ත අන්තර්ගත එස්ටීඑම් කාඞ් එකක් හඳුන්වාදෙන බවත් ඒ ඔස්සේ රටටම ඩිජිටල් කරණයේ අත්දැකීම් ලබාගත හැකිවනු ඇති බවත් කියන ඇමතිවරයා ඉදිරියේදී පාස්පෝට් එක පවා ගෙදරටම ගෙන්වා ගැනීමට ජංගම දුරකථනයෙන් හැකිවනු ඇතැයි දන්වා සිටී.