මේ වන විට ශ‍්‍රී ලංකාව තුල මාරාන්තික INFLUENZA AH1, N1 රෝගීන් 4 දෙනෙකු හඳුනාගෙන ඉන් දෙදනෙකු  මියගොස් තිබෙන අතර
හලාවත දිස්ති‍්‍රක් රෝහලේ ඉතිරි රෝගීන් දෙදෙනා  ප‍්‍රතිකාර ලබමින්  සිටින නමුත් ඔවුන්ට ප්‍රතිකාර කරන්නට පහසුකම් මෙරට නැති බව සමස්ත ලංකා හෙද සංගමය     නිවේදනයකින් දන්වා ඇත.

මැතකදී ඉන්දියාවේ දඹදිව චාරිකා කිරිමෙන් පසු මෙරටට පැමිණි ඵම රෝගීන් මද උණ සහිත රෝගී  තත්වය නිසා රෝහල් ගත කර තිබේ. එහෙත් එම රෝහලේ මේ වන විට මෙවැනි විශේෂ රෝගීන් සදහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ හා පහසුකම්  නොමැති වීම ගැළුවක් බවට පත්ව තිබේ
INFLUENZA AH1, N1  ප‍්‍රතිකාරවලදී  භාවිතා වන N95 දරන මුඛ ආවරණද ආවරණ ගවුම්ද (ඒප‍්‍රන්) ප‍්‍රමාණවත් තරම් අත්වැසුම්ද නොමැති වීම නිසා  රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔවුන් දන්වා සිටී.
ඵසේම එවැනි රෝගීන් හඳුනාගත් පලමු මොහොතේම මෙන්ම විදේශයන්හි සිට පැමිණෙන රෝගීන්  රෝහල් ගතකිීරීමේදී වෙනම ප‍්‍රතිකාර ලබාදීමට වෙනම ප‍්‍රතිකාර කරන වාට්ටු  හා ඵ්කකයක් පිහිටුවාද නැති බවත් ඔවුන් දන්වා ඇත.
 කොළඔ බෝවන රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල වන I.D.H.රෝහල වෙත මාරුකිරීමේ ක‍්‍රමවේදයක් තවම සකස් කර නැති නිසා
INFLUENZA AH1, N1 රෝගීන් සම්බන්ධයෙන්  හලාවත රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ටද බලවත් තර්ජනයක්ද ඇතිව තිබේ.