අධ්‍යාපන අමාත්‍යංශයේ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ රැඳී සිටිමින් ඊයේ සිට අද දක්වා
නිදිවර්ජිතව තම දරුවන්ට හොඳම පාසල් අවශ්‍ය බවට විරෝධතාවයක නිරතව සිටින වෛද්‍යවරුන් 200 කට අධික පිරිස අද (15) දහවල් වනතුරුත් එහි රැඳී සිටියේ තමන්ගේ ඉල්ලීම් ඉටුවනතුරු එළියට යන්නේ නැති බව කියමිනි.


මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය අනවසර රැඳී සිටීම නිසා ඔවුන්ව විසුරුවා හැරීමේ නියෝගයක් ලබාගත් අතර ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඉසුරුපාය ඔඩිටෝරියම් එකේ නයිට ගැසූ ඩොක්ටර් නෝනලා මහත්තුරු (video) පහතින්