කලාකරුවන්ගේ දූ දරුවන් එක්‌ක පසුගිය 21 දා ප්‍රසංගයක්‌ කළා නේද? ඒ ගැන මොකද හිතන්නේ?
ඒක මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම අවස්‌ථාවක්‌ කියලා මං හිතනවා. මොකද ප්‍රවීණ කලාකරුවෝ වගේම ඔවුන්ගේ දරුවන් එක්‌ක කටයුතු කරන්න ලැබීම ලොකු අත්දැකීමක්‌ වුණා. ඒ වගේ දේකට සහභාගී වෙන්න
ලැබීම ගැන මං ගොඩක්‌ සතුටුයි. කසුන් පැස්‌කුවල් සහ ෙච්තනා රණසිංහ දෙන්නටම ස්‌තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්.

මේ ප්‍රසංගය නිසා ඔබ සහ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන පෙම්වතුන් බවට පත්වෙලා කියන්නේ ඇත්තද?



මං හිතන්නේ පිටවුණ ඡායාරූපවලින් තමයි ඔය කට කතාව පැතිරුනේ. ඒ වුණාට අපි දෙන්න හොඳ යාළුවෝ. සනුක, සර්ත, මම අපි කට්‌ටිය ගොඩක්‌ හොඳ යාළුවෝ. ඉතිං ඒ වගේම තවත් ගොඩක්‌ හොඳ යාළුවෙක්‌ තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.

මේ කට කතාව කවදාහරි ඇත්තක්‌ වෙයිද?

අ.... ලෝකේ හැමදේම වෙනස්‌ වෙනවා නේද? ඉතිං ඒ හින්දා ඒ දේ මට දැන්ම කියන්න බැහැ.

එතකොට මේ වෙද්දි කවින්ද්‍යා පෙම්වතියක්‌ද? නැද්ද?

නැ... පෙම්වතියක්‌ නෙමෙයි.

සාකච්ඡාව - යුගන්ති යශෝදරා




මව් පිය අඩි පාරෙන් ගායන ලොවට ආ තරු පෑයූ රාත්‍රිය The Next Gen Musical Concert
http://www.gallery.gossiplankanews.com/event/the-next-gen-musical-concert.html
Pix By-Gamini Chamara