යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව මහ රජාණෝ ලෙස හඳුන්වා දෙමින් අවසානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවට පත් කොට පහළට ඇද දැමීමේ
මහා අපරාධයට හවුල් පුද්ගලයන්ට එරෙහිව අප ඉල්ලා සිටිය යුත්තේ හෙණ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය


දුමින්ද දිසානායක පැවැසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍ය දුමින්ද දිසානායක,
අපි සියලූ දෙනා ආදරය කළ හිටපු ජනාධිපතිතුමා ඉහළටම ගෙන ගියා. එතුමාට මිය යන තුරුම ජනාධිපති ධුරයේ සිටීමට හැකි පරිදි ව්‍යස්ථාව වෙනස් කර සම්මත කර දෙනු ලැබුවා. එතුමා වසර දෙකකට කළින් ජනාධිපතිවරණය කැඳවා බලය අහිමි කර ගත්තට අපි මොනව කරන්න ද ?. ඇත්තටම දැන් එතුමා අපරාධයක දාලා තියෙන්නේ. රටේ පළමු පුරවැසියා ලෙස වැජඹුණු එතුමා අද පහළට ඇද දමා තිබෙනවා. එහෙම කියලා එතුමා වෙනුවෙන් හෝ වෙනත් කවුරුන් හෝ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දුක් විඳින්න  ඕනද? විමසුවේය.