මහින්දානන්ද 22 තෙක් රිමාන්ඩ්

ප.ව.2.20 update
අද උදෑසන රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන සැප්තැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අධිකරණය නියෝග කළා.
---------------------------------------
කිංසි පාරේ සුපිරි නිවස නිසා 
මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

පෙ.ව.10.20
ප්‍රකාශකයක් ලබාදීම සඳහා අද උදෑසන රහස් පොලිසිය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල කිංසි පාරේ ඔහු විසින් රුපියල් මිලියන 42 ක් වැයකර ඉදිකරන්නට යෙදුණ වටිනා සුපිරි නිවාසය එසේ ඉදිකරන්නට මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අනාවරණයවූ වංචාසහගත කරුණු මුල්කොට මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති අතර ඔහුට එම නිවැරදි කරුණු ඔප්පු කරන්නට බැරිව ගිය බව වාර්තාවේ.ඔහුව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.