දැනට කොළඹ ජාවත්ත පාරේ පිහිටුවා තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27දා සිට බත්තරමුල්ල පිහිටි "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් සැප්තැම්බර් 23 හා 26 දිනවලදී හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුහුරු පායේ පාස්පෝට් නිකුත්කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවද පිහිටා ඇති අතර ඒ අනුව ඉදිරියට හැඳුනුම් පත් නිකුත් කිරීමද සමීප කාර්යාලයකදී සිදු කිරීම මහජනයාට පහසුවක් වෙයි.