ඕස්ටේ‍්‍රලියාව T-20 වාර්තා බිඳලමින්
ලංකාවට අමිහිරි පරාජයක් උරුම කරයි


අද පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර විස්සයි20 තරගයේදී ශ‍්‍රී ලංකාව පරාජයට පත්වූයේ  ඕස්ටේ‍්‍රලියාව විස්සයි 20 තරගයක වැඩිම ලකුණු ගණනේ අසමසම වාර්තාවද පොත් අතරට එක්කරමිනි.
විස්සයි20 පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප‍්‍රමාණය මේ දක්වා උසුලන ලද්දේ ශ‍්‍රී ලංකාවයි. ලකුණු 260 ක්වූ එය කෙන්යාවට එරෙහිව තබා තිබූ අතර
ඕස්ටේ‍්‍රලියානුවන් ලංකාවටම එරෙහිව ලකුණු 263 ක් ලබා එය බිඳ දැමීම දෛවයේ සරදමක් විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 145ක් නොදැවී රැස්කළේ පන්දු 65කිනි. විස්සයි20 ජාත්‍යන්තර පිටියේ පිතිකරුවෙකු රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද (පළමු තැන 156) එය විය. මැක්ස්වෙල් එක් දින තරගාවලියට ඇතුළත් නොවූ ක‍්‍රීඩකයෙකු වූ අතර ඔහු දිගටම අසාර්ථකවූ අයෙකු නිසා එම තරගාවලියෙන් ඉවත් කර තිබුණි.
පිළිතුරු ඉනිමේදී ශ‍්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ කඩුළු 9ට ලකුණු 178 කි.
ලකුණු සටහන පහතින්