ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කළැයි කියමින් සියදිවි නසාගත් හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර් ජයමාන්න ඝාතනය සිදුවූ රත්මලාන බේකරිය හන්දිය ස්ථානයේ සිට  කිලෝමීටර සියයක් ඈත ස්ථානයක සිට ඇති බවත් ඔහු ඝාතනයට සම්බන්ධ නැති බවත් ඒ අනුව පෙනී යන බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා
පවසයි.බණ්ඩාරගම ප්‍රදේශයේදී ඔහු මේ බව පවසා ඇත්තේ මෙසේය.

‘ඒක ටිකක් අද්භුත කතාවක් සාමාන්‍යයෙන් මිනිස්සු වැරදිකරලා හිතේ අමාරුවට මැරෙන්න පුළුවන් අත්අඩංගුවට පත්වෙන්න කලින් මැරෙන්න පුළුවන්  හැබැයි ඒ වගේ වෙලාවක ලිපියකුත් ලියලා මම තමයි එයා නෙමෙයි කියලා මැරෙන එක බොහොම සැකසංකා සහිතයි. ඇත්තටම එල්ලිලා මැරිලද නැත්නම් මරලා එල්ලලද කියලා හිතෙනවා.

අද වෙනකොට ඔප්පුවෙලා තියෙනවා පොලිස් පරීක්ෂණ අනුව ලසන්ත මරපු දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලානේ ඔය කියන පුද්ගලයා  ඉඳලා තියෙන්නේ එතුමගේ ගමේ කිලෝමීටර සියයක් විතර ඈත. ඔහුගේ දුරකතන ඇමතුම් විස්තර අනුව අද ඒවා සොයාගන්න පුළුවන් .දැන් අපිට සැක සංකා ඇතිවෙනවා. එදා මිනී මරපු මිනිස්සු අද ඒ  මිනී මැරුම් අනාවරණය කරන්න තවත් මිනීමැරුම්  කරනවද කියන  සාධාරණ සැකය.  මිනී මැරුම් පරීක්ෂණ  ජනතාව නොමග යවන්න තවත් මිනී මරනවද  කියන සැකය ඇතිවෙන්න පුළුවන්‘