පසුගිය දිනවල අත්සන් කරන්න බෑ කියමින් මතභේදයට ලක්ව තිබීමෙන් පසුව අද සවස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්
ක‍්‍රීඩකයින් 17දෙනෙකු  වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන බව වාර්තාවේ.මේ වසරේ ගිවිසුම් සංශෝධන අසාධාරණ බව කියමින් ඔවුන් වැඩි දෙනෙකු මෙම ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කර තිබුණි.
අත්සන් කළ 17 දෙනා මෙසේය

ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්,දිනේෂ් චන්දිමාල්,දිමුත් කරුනාරත්න,කුසල් ජනිත් පෙරේරා,සුරංග ලක්මාල්,ළහිරු තිරිමාන්න,දිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්,මිලින්ද සිරිවර්ධන,නුවන් ප්‍රදීප්,කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා,දුස්මන්ත චමීර,ධනුෂ්ක ගුණතිලක,ජෙෆ්රි වැන්ඩර්සේ,ලක්ෂාන් සඳ කැන්.
මේ අතර ගිවිසුම් අත්සන් කිරීමට තවම එකඟ නොවූ අය අතර

ලසිත් මාලිංග,සචිත්‍ර සේනානායක සහ ධම්මික ප්‍රසාද්  සිටින බවද වාර්තාවේ.