මහජන මුදලින් ඉදි කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යෙදීම වැළැක්වීමේ යෝජනාවක්



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මහජන මුදලින් නඩත්තු කෙරෙන සහ මහජන මුදල් උපයෝගි කර ගනිමින් ඉදි කෙරෙන පාරවල්, රජයේ ගොඩනැඟිලි, පාසල් ආදියට දේශපාලනඥයන්ගේ නම් තැබීම අද විලාසිතාවක් තිබෙන බවත්, තමන්ගේ නමින් ගොඩනැඟිල්ලක් සංවර්ධන ව්‍යාපෘතියක් නොතිබුනොත් ඒක මදි කමක් බව ඇතැමුන් සිතන බවත් පවසන ඇමැතිවරයා මේ නිසා ඇතැම් දේශපාලනඥයන් මහජන මුදලින් ඉදිවන සංවර්ධන ව්‍යාපෘතිවලට තමන්ගේ නම යොදා ගන්නා බවද කියයි.
1948 නිදහසෙන් පසු මේ වන තෙක් කිසිදු දේශපාලනඥයෙක් තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර නොමැති අතර ගිනි පොලියට විදේශ රටවලින් ණයට ගත් මුදල්. නොඑසේ නම් ආධාර හෝ සහන පදනම මත ලබා දුන්න ණය එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර අවසානයේ තමන්ගේ නම යොදා ඇති බව ද මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.