ඊයේ (19දා) නිකවැරටිය ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

‘අද ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන නියම කරුණු ඔප්පු වෙන කොට ඒකෙ චෝදනාවත් දැම්මේ අපේ ගොඩට. දැන් එහෙම වෙලත් මේ ආණ්ඩුවට
තියෙන්නේ මේ කෙරෙන පරීක්ෂණ යට ගස්සන්නේ නැතුව ඉක්මනට එළිදරව් කරන එකයි. හැම එකටම මහින්ද භීතිකාව දාගෙන. මගේ ළඟින් ඉන්න අය දඩමීමා නොකර පක්ෂය ගැන හිතලා වැඩ කරන එකයි මේ අයට තියෙන්නේ. අද අපි මළ ගෙදරක ගියත් රහස් පොලිසියෙන් පිරිලා. ඒකත් වැරදියි. ඇයි මේ මහින්දලාට මෙච්චර බය කියලයි අපිට අහන්න තියෙන්නේ."