විරසක වූයේ යයි කතා පැතිරෙන
ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා


පසුගියදා පදනම් ආයතනයේ උත්සවයකදී ජනපති මෛත්‍රිපාල සිදු කළ කතාව අගමැතිවරයාගේ ක්‍රියාකාරකම් ගැන වක්‍රව විරෝධය පළකිරීමක් විය.
මේ සමගම දේශපාලන ලෝකයේ කථාබහක් මතුවූයේ දෙදෙනා අතර විරසක කමක් මතුව ඇති බවත් ඉදිරි දිනවල පොලිසිය හා නීතිය සාමය අමාත්‍යංශයද ජනපති යටතට ගෙන විවිධ පෙරළි සිදුවන දේශපාලන කුණාටුවක
පෙරනිමිති පහළවී ඇති බවත්ය.


මෙම කුණාටුව නිසා ඊයේ සිට විවිධ පක්ෂ අදහස් දක්වමින් පටන්ගත් දේශපාලන මාධ්‍ය හමු අද දවසේත් පැවැත්වේ.
මේ සියල්ල සිදුවෙද්දී ඊයේ රාත්‍රියේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ  ඇසල මහා පෙරහැරට ජනාධිපතිතුමාත්, අගමැතිවරයාත් සහභාගී වුණා.

ඔවුන් ඉතා සුහදව හමුවූ ආකාරයක් පෙනෙන්නට තිබුණ අතර මෙම හමුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ  සටහනක්ද දක්වා ඇත. එහි ඇත්තේ මෙසේය.

‘පෙරහැර නරඹන අතරතුර රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් හරවත් මෙන්ම රසවත් සාකච්ඡා ඇතිවූණා. ආගමික සංහිදියාව පවත්වාගනිමින් බොද්ධ දර්ශනය රටේ රාජ්‍ය පාලනයට සම්බන්ද කරගැනීම පිළිබදවද මෙහිදී අපගේ විශේෂ අවධානයට යොමු වුණා.‘