බස් රථය නියමිත ස්ථානයේ නොනවත්වා වෙනත් ස්ථානයක නැවැත්වීම සම්බන්ධව කුපිත වූ එම බස් රථයේ ගමන් ගත් මගියකු බස් රථයේ කොන්‍ෙදාස්තරවරයාට ගලකින් පහරදී තුවාල සිදු කර ඇත. තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්
මිනුවන්ගොඩ පොලිසිය

මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු­ සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහරින ලෙසට නියෝග කළ මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය යළි හෙට (19දා) දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස ඉකුත් 16 වැනිදා නියම කළාය. කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙසේ ඇප නියම විය.
අලව්ව ඩිපෝවට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගමන් කර ඇති සැකකරු මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට බෙල් එක නාද කර ඇතත් එම බස් රථය මිරිස්වත්ත ප්‍රදේශයේදී නතර කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ - අතුකෝරළ