ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ  ඇතිවූ මස්පිඬු ආබාධය නැවතත් උත්සන්න වීම හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ සංචාරය අහිමි වී තිබේ. මේ හේතුවෙන් සිම්බාබ්වේ සංචාරයේදී  නායකයා වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබේ.
මැතිව්ස් මෙම ආබාධයට මුලින්ම ලක්වූයේ පැවති ඕස්ට්‍රේලියා

ශ්‍රී ලංකා සිව්වන එක්දින තරගය අතරේය. එයින් පසු පස්වැනි එක්දින තරගයට මෙන්ම අවසන් විස්සයි 20 තරග දෙකටම ඔහු ක්‍රීඩා නොකළේය.
මාසයකයට ආසන්න විවේක ලගගැන්වීමක සිටියද ඔහුගේ ආබාධය අද (23 වැනිදා) වන විට උත්සන්න වී සිම්බාබ්වේ සංචාරයට සහභාගි වීමට තරම් සුදුසු මට්ටමකට සුවය ලබා නැති බව වෛද්‍ය වාර්තාද සනාථ කර ඇත.
ඒ අනුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇත.