පසුගියදා නොසැලකිලිමත් ලෙස බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල
තමාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය නඟාතිබූ චෝදනා 5ටම


කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අද (11දා) වරද පිළිගත්තේය.
ඒ අනුව සැකකරුට රුපියල් 29,000ක දඩ මුදලක් නියම කෙළේය.
ඉකුත් සැප්තැම්බර් 22 වැනි දින පෙරවරු 6.30ට පමණනෙළුම් පොකුණ රඟහල අසළදී අනතුරක් සිදු කිරීම නිසා කුරුඳුවත්ත පොලිසිය රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. එම චෝදනාවලින් නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම යන වරදවල්වලට පමණක් මින් ඉහත 28දා තමා කළ වරදවල් ලෙස ඔහු පිළිගෙන තිබුණත්  බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවැරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහු පිළිගත්තේ නැත. ඔහු ඒවා පිළිගත්තේ අදය.