බිබිල රතුගල ගම්මානයේ ජීවත්වන ආදිවාසීන්ට රජයෙන් කිසිදු පොදු පහසුකමක් ලබා නොදීම හේතුවෙන් තමන්ගේ මුල් නිජබිම වන නිල්ගල වනයේ දානිගලට පදිංචියට යෑමට කටයුතු කරන බව වැදි නායක සුදා වන්නිල ඇත්තන් පැවැසීය.

1938 වසරේදී සේනානායක සමුද්‍රය ඉදිකිරීමත් සමඟ වනයේ

ගල්ගුහාවල ජීවත් වූ වැදි පවුල් හතක් වනයෙන් ඉවත් කර බිබිල රතුගල ගම්මානයේ පදිංචි කර තිබේ.
රතුගල ගම්මානයේ පදිංචියට පැමිණි ආදිවාසීන්ට වසර 78ක් යනතෙක් අවශ්‍ය පහසුකම් රජයෙන් නොලැබුණු බවද සුදා වන්නිල ඇත්තන් කියයි.
මේ දිනවල ප්‍රදේශයට පවතින වියළි කාලගුණයත් සමඟ රතුගල ගමේ වැදි පවුල් 108ක් මේ වන විට අසරණ වී සිටින අතර ගම්මානයට ජලය නොමැතිව කාන්තාරයක් බවට පත්ව තිබේ.
ගම්මානයේ කිසිදු පහසුකමක් නොමැතිව බඩගින්නේ මැරිල යනවාට වඩා වනයට ගොස් ගල් ගුහාවක ජීවත් වී මිය යන එක සැපතක් බව රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් පැවැසීය.

පස්සර - අමිල ක්‍රිෂාන්ත