බම්බලපිටියේ කැම්පර් වෑන් එකේ
ජංගම ගණිකා මඩම මාට්ටු

නිවාසයක මෙන් ඇඳන් කුස්සි ආදියෙන් සමන්විත කැම්පර් වෑන් ලෙස හඳුන්වන කෑම්ප් යාමේදී භාවිත කරන සුඛෝපභෝගී වෑන් රථයක් ජංගම ගණිකා මඩමක් බවට පත් කරවා ඒ තුළ ගණිකාවන් ඇසුරට ගැනුම් කරුවන්ට අවස්ථාව සලසාදීමක් බම්බලපිටිය ‍පොලිසිය මගින්
කොටුකරගෙන තිබේ.

දීර්ඝ කාලයක සිට බම්බලපිටිය ප්‍රදේශයේ සැරිසැරූ මෙම වෑන් රථයට විදේශිකයින් මෙන්ම දේශිය ගැනුම් කරුවන්ට පැමිණ සේවය ලබාගෙන තිබුණ අතර පෙරේදා   අලුයම 4.00 ට පමණ බම්බලපිටිය,


එමිල්ඩා පටුමග අසලදී මෙම රථය වැටලූ පොලිසිය ජංගම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය තැනැත්තා සහ ගණිකා වෘත්තියෙහි නියැළුණු කාන්තාවන් තිදෙනකු වෑන් රථය තුළ සිටියදී අල්ලාගෙන ඇත.
අත්අඩංගුවට පත් ගණිකා වෘත්තියෙහි නියැළුණු කාන්තාවන් මින්නේරිය, උඩවලව, කුණ්ඩසා‍ලේ යන ප්‍රදේශවල පදිංචි 23, 27, සහ 28 යන වයස් සීමාවන්වල පසුවන කාන්තාවන් බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් රුපියල් 5000 ක පමණ මුදලකට අලෙවි කළ  බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.