පොහොට්ටුවේ පළමු රැස්වීමට බැසිලුත් ඇවිත්

ඒකාබද්ධ විපක්ෂය මගින් නිර්මාණය කළ බවට පැවසෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිරවයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී
පැවැත්වුණා.

පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලේකම් නීතිඤ සාගර කාරියවසම් එහි පැමිණි අතර පක්‍ෂයේ පළමු සාමාජිකයා ලෙස හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ එයට එක් විය.
මහින්ද රාජපක්ෂ පැමිණියේ නැත.
එම ස්ථානය නෙලූම් පොහොට්ටු වලින් සරසා තිබූණි.