නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි.
එරට සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙන්තුව නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අවධානමක් නිකුත් කර ඇත.


ජනතාවට මුහුදුබඩ ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.
පළමු සුනාමි රළ විශාලතම රැල්ල නොවනු ඇති බවත් සුනාමි තත්ත්වය පැය කිහිපයක් පවතිනු ඇති බවත් අනතුරු අඟවා ඇත.
පුද්ගලයන් 2,000ක් පමණ ජීවත්වන ඇම්බරේලේ නගරයට කිලෝමීටර් 46ක් දුරින් හා පුද්ගලයන් 10,000ක් පමණ ජීවත්වන කායාපෝයි නගරයට කිලෝමීටර් 70ක් පමණ දුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවත්, එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් ඇතිවී තිබෙන බවත් සදහන්.
ක්‍රිස්ට්චර්ච් සංචාරක නගරයක් වන අතර මෙම භුමිකම්පාව 2011 වසරේ ඇති වූ 6.3ක විශාලත්වයෙන් යුත් භුමිකම්පාවට පසු වාර්තා වන විශාලතම භුමිකම්පාව බව එරට මාධ්‍ය පවසයි.