කරුණා අම්මාන්
එමෙන්ම රට බේරා ගත් නායකයා වශයෙන් මහින්ද රාපක්ෂ මහතාට කළ ගුණ සලකන ලෙස සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහු දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය.
පසුගිය නොවැම්බර් මාසයේ රජයේ දේපළ අවභාවිත කළ බවට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් දෙසැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ සිටි අතර දැන් අැප මත නිදහස්ව සිටී.
රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනායගමූර්ති මුරලිදරන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බවට විශ්වාස කෙරිණි.