මං විමල්ගෙන් වාහන ගත්ත බව ඇත්ත
ඒත් කරපු සේවය සලකල නෑ
- ලාල් කුලරත්න (මල්ලි හරි මල්ලි)
පසුගියදා හෙළිදරව් කෙරුණු හිටපු ඇමති විමල් වීරවංශගේ වාහන අවභාවිතා ලැයිස්තුවේ කලා ශිල්පියෙකු හා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු වන ලාල් කුලරත්නට – HK-8877 හා KT-2884 යන වාහන ලබා දී ඇති බවට තොරතුරු පළ විය.
විමල් බැලීමට බන්ධනාගාරයට ගිය කලාකරුවන් අතර ‘මල්ලි හරි මල්ලි‘ ලෙස ප්‍රකට වූ එම කලාකරු ලාල් කුලරත්නද විය.
ඔහු එහිදී මාධ්‍ය අමතා ඒ ගැන පවසා සිටියේ තමාගේ නමද වාහන අවභාවිතාවේ යෙදවූ බවට
ලැයිස්තුවේ ඇති බවත් තමා
‘මේක කලාකරුවන් විදිහට අපි දකින්නේ තනිකර දේශපාලන පලිගැනීමක් විදිහට.මමත් වාහන ගත්ත කියල ඔය ලැයිස්තුවේ තියනවා.
හැබැයි මං කට උත්තර දීල තියනව. ඒ වාහන අරගෙන මොකක්ද කලේ කියල ඒ කාර්ය මණ්ඩලයේ හැටියට.නමුත් ඒව මොකක්වත් එළියට දාල නැහැ.අර වාහන පාවිච්චි කරා විතරක් කියල දාල තියනවා.
නමුත් අපි විශාල සේවයක් කරල තියනවා අවුරුදු 4 ක ඒ වාහන භාවිතා කරලා.
ඒකෙන් තේරෙනවා මේක තනිකරම දේශපාලන උවමනාවට කරන වැඩක්.අනිත් එක මේ ආන්ඩුවේ අනන්තවත් වංචාකරපු හොරකම් කරපු අය ඉන්නවා.ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නවා.මේ කේස් එකට අදාළ අයත් ආන්ඩුවෙ අනෙක් පැත්තෙ ඉද්දි අත්අඩංගුවට ගන්නෙ නෑ..‘
එම වීඩියෝව පහතින්