දොස්තර නිවාඩු නිසා
හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා
මව් කුසේදී මිය ගිහින්
වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා හදිසි සිසේරියන් සැත්කමකින් ලබා ගතයුතුව තිබුණ තම බිරියගේ කුසේ සිටි දරුවා එසේ ලබා නොගෙන පමාවීමෙන් පසුව මළ මුත්‍ර පෙවීමෙන් මළ දරු උපතක් ලෙස ලැබුන බව
කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයකදී පියෙකු සාක්ෂි දෙමින් පවසා තිබේ.
මාවනැල්ල මූලික රෝහලේදී මෙම දරුවා ලැබෙන්නට නියමිතව තිබී ඇත්තේ පෙබරවාරි 09 වන දිනදීය.
සැත්කමක්වත් නොකර දරුවා ලබා නොගත්තේ ඇයිදැයි තමාට තේරුම් ගන්නට අපහසුවූ බව ත් වෛද්‍යවරයා පෙබරවාරි 10, 11, 12 යන දින තුන නිවාඩු ලබා පසුව ඔහු (12දා) රාත්‍රියේ රොහලේ සිටි වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ සැත්කමක්වත් කරන්න කෙනෙකු නැති නිසා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවන ලෙසයි. පසුව රෝහලේ වෛද්‍යවරුද ගැබිනි මව කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති නමුත් එහි වෛද්‍යවරු පරීක්‍ෂා කර දන්වා ඇත්තේ දැන් පමා වැඩි බවත් දරුවා කුස තුළ මියගොස් ඇති බවත්ය.
එම අවස්ථාව වනවිට සැත්කමක් කර දරුවා ලබා ගත්තත් පලක් නැති බව දන්වා ඇත. ඒ අනුව සාමාන්‍ය ලෙස දරුවා ලැබෙන්න ඉඩ හැරීමෙන් පසු 13දා ගැබිනි මව මළ දරු උපතක් සිදුකරන ලදි.
දරුවාගේ පියා වූ මාවනැල්ල, ගම්මානගොඩ පදිංචි ත්‍රිකුණාමලය පාබල යුද හමුදා කඳවුරේ සේවය කරන දෙමෝදර විජේසිංහලාගේ වසන්ත කුමාර නමැති 25 හැවිරිදි හමුදා සෙබළා මෙය වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක් ලෙස දන්වා සිටින ලදි.
මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ දී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අගලියවන්න මහතා සිදු කළ අතර කුසේ සිටියදී මල මුත්‍ර පෙවීමෙන් හා වැදෑමහ පෝෂණය හීනවීමෙන් සිදුවූ මරණයක් ලෙසය.