
නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා
-දරුවන් අසනීප නිසා ඇප දෙන්නලු
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගේ දියණිය විමාෂා විෂ්වාදරී මේවනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ.
පියා නිරාහාරව සිටීම ඉවසා
මේ අතර විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා කම්පනයට ලක්වූ බව කියමින් ඔහුගේ පුත් විභූතිද රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා ඇති අතර ඔහුවද රෝහල්ගත කරන්නට ශෂී වීරවංශ පියවර ගෙන තිබුණි. පැය කිහිපයක් ඔහු පරීක්ෂා කිරීමෙන් පසුව විටමින් පෙති කිහිපයක් ලබාදී නැවත ඊයේ සවසම ගෙදර යැවූ බව රෝහල් ආරංචි හෙළි කළා.

-----
2015 පෙබරවාරි මස විමල්ගේ බිරිය පාස්පෝට් පටලැවිල්ල නිසා අත්අඩංගුවට ගන්නට නියමවූ අවස්ථාවේ රිමාන්ඩ් ගතවීම මගහරිමින් තමාට රෝගී බව දක්වමින් මහජන අනුකම්පාව දිනාගැනීමට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ඡායාරූපයක් ලබාගෙන මාධ්‍ය වෙත බෙදාහැර තිබුනේ ඉහත 2 වන ඡායාරූපයේ පරිදිය,