අවසානයේ විමල්ට ඇප ලැබේ
ඉදිකිරීම් ඇමතිව සිටි කාලයේ තම ඥාතීන් ඇතුළු හිතවතුන්ට ඉන්ධන සමග රජයේ වාහන 90 ක් අවභාවිතයට යෙදවීමෙන් කෝටි ගණනක පාඩු සිදු කිරීම නිසා රක්ෂිත බන්ධනාගාරයේ සිටි
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දිනයේ ඇප මත නිදහස්
කර තිබේ.දින 87ක්
ඔහුගේ ඇප ලබාගැනීම වෙනුවෙන් උපවාස දරුවන් රෝහල් ගත කිරීම් කිරිපෙවීම් ආදි නානප්‍රකාර සංසිද්ධි පසුගිය කාලයේ වාර්තා වූ අතර තම දියණියගේ අසනීප තත්වය හා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත යයි අධිකරණයට ඉදිරිපත් වූ කරුණු මත ඇප ලබාදීම සිදු කර ඇත.
මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගෙන ඇත.
කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රීවරයා ගිලන් රථයෙන් අධිකරණයට පැමිණ ඇති අතර ඇප ලබා දීමෙන් පසු නැවත වතාවක් රෝහල බලා ගියේය.