ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් වසරකට වැඩි කාලයක් තමන් සභාපතිත්වය දැරූ ක්‍රිකට්
කමිටුවෙන් ඉවත් වීමට
පෞද්ගලික කරුණු හේතුවෙන් තමන්ට සිදුවී තිබෙන බව අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර තිබුණි.
අරවින්ද කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා වලින් කියැවෙන්නේ ඊට ආසන්නතම හා ප්‍රබලතම හේතුව
ක්‍රිකට් කමිටුවේ එකඟතාවක් හෝ අනුදැනුමක් නොමැතිව දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරුවකු ලෙසින් පත්කර ගැනීමයි. ඇලන් ඩොනල්ඩ්  හදිසියේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකවරයා වීම පිළිබඳව අරවින්දට තිබී ඇත්තේ විමතියකි. ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අරවින්දගේ තර්කය වී ඇත්තේ “එයා ඇවිල්ලා මාසෙකින් මොනවා කරන්නද” යන්නයි.