ස්වර්ණවාහිනිය ලයිව් චාට් ෂෝ නවතා නොදමා 
කතාබහ වෙනස් කරයි -දුරකථන ඇමතුම් නොගනී - රහල් තාම වැඩ

රටේ ආපදා තත්වය නිසා දුක්මුසු සිදුවීම් වාර්තාවන පසුබිමක ලයිව් චාට් ෂෝ එකක් කිරීම සුදුසු නොවන බව ප්‍රේක්ෂිකාවක ලබාදුන් ඇමතුමක් හා එයට ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදකයෙකු සැපයූ ආවේගශීලී පිළිතුරක් නිසා පසුගිය සතියේ අන්තර්ජාලය තුළ විශාල කථාබහක් ඇති වුණා.
මෙවන් වැඩසටහන් තාවකාලිකව නවතා දමන්නැයි විවිධ අය ඉල්ලීම් පළකළත් ස්වර්ණවාහිනීය එම ආකාර වැඩසටහන් මේ වනතුරුත් නවතා දමා නැත. ඊයේ
අඟහරුවාදා

මෙන්ම පෙරේදා සඳුදාද සවස් කාලයේ ඉදිරිපත් කරන ලයිව් චාට් ෂෝ වැඩසටහන එම නාලිකාව සුපුරුදු ලෙසම ඉදිරිපත් කර තිබුණි.

නමුත් කවින්ද්‍යා -රහල් එදා ඉදිරිපත් කළ විනෝදාත්මක ආකාරයට වඩා වෙනස් මුහුණුවරකින් මෙම වැඩසටහන් මේ සතියේදී ඉදිරිපත් කෙරුණ අතර තම නාලිකාව ලබාදෙන ආධාර ගැනත් විපතට පත්වූවන් ගැනත් නිරන්තරයෙන් එහිදී මතක් කරමින් ගීත ඉදිරිපත් කර තිබුණි.
දුරකථන මාර්ගයෙන් ප්‍රේක්ෂකයින් සම්බන්ධ කිරීම නොකර ෆේස්බුක් කොමෙන්ටු ඇසුරින් වැඩසටහන ගෙනයනුද දක්නට ලැබුණි.

කෙසේ වෙතත් පසුගියදා ආන්දෝලනයට ලක්වූ කවින්ද්‍යා-රහල් දෙදෙනාගේ වැඩසටහන සම්බන්ධයෙන් නාලිකාව කිසිදු පියවරක් ගෙන නැති අතර එම දෙදෙනා නැවත ලබන සතියේත් වැඩසටහන ඉදිරිපත් කරන බවට පූර්ව ප්‍රචාරයන් ඊයේත් විකාශය කර තිබුණි.

කෙසේ නමුත් ඇතැම් පුද්ගලික නාලිකා මේ වනවිට මේ ආකාරයේ වැඩසටහන් තාවකාලිකව අත්හිටුවා ඇති බවක්ද හඳුනාගත හැකිය. සමහර නාලිකා පැරණි පටිගත කළ වැඩසටහන් එම වේලාවල්වලට ආදේශ කර විකාශය කරනු දක්නට ලැබේ.

ඊයේ වැඩසටහනේදී ස්වර්ණවාහිනී ලයිව් චාට් ෂෝ කථාබහ වෙනස් කළ හැටි පහතින්