ඊයේ රෑ පොලිසියේ අමුතු මෙහෙයුමක්
3214ක් අත්අඩංගුවට

VPN ක්‍රමයට සසඳා බලද්දී IRC 62 ක්


ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 03.00 දක්වා  පැය 4 ක කාලයක් පොලිසිය දිවයින පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් පිළිබඳ වාර්තාවේ.
අපරාධ හා රථවාහන මෙහෙයුමක් ලෙස දියත් කළ මෙය සාමාන්‍ය තත්ව යටතේ පොලිස් සංචාර අවම වශයෙන් කෙරෙන ප්‍රදේශ ඉලක්ක කර දියත් කළ බව වාර්තා විය.
පොලිස් සේවයේ සියලුම මට්ටමේ නිලධාරීන් 11558 ක් මෙම මෙහෙයුමට එක්ව තිබේ.
‍සාධාරණ හේතු දැක්වීමකින් තොරව රාත්‍රී කාලයේ නිකරුනේ හැසිරෙමින් සිටි 934 දෙනෙක්
/ වරෙන්තුකරුවන් 595 ක් /

විවිධ අපරාධ සඳහා පොලිසියට අවශ්‍ය කර තිබු පුද්ගලයන් 70 ක් / හෙරොයින් ළග තබාගෙන සිටි 94 ක් / ගංජා ළග තබාගෙන සිටි 372 ක් සහ නීති විරෝධී මත්පැන් ළග තබාගෙන සිටි 176 ක්  ලෙස විවිධ වරදවල් සම්බන්ධයෙන් සැකකරුවන් 3214ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දන්වා ඇත.
ඔවුන්  එම අවස්ථාවේදීම කොළඹ අපරාධ කොට්ඨාශයට තොරතුරු යොමු කර නවතම VPN තාක්ෂණය ඔස්සේ ඇගිලි සලකුණු පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒ  අතර ලියාපදිංචි අපරාධකරුවන් 62 ක් සහ විවෘත වරෙන්තු නිකුත් කළ 6 දෙනෙකුද සිටින බවයි.
මීට අමතරව  බීමත් රියපැදවූවන් 489 ක් බලපත් නොමැති 305 ක් අන්තරායකාරී ධාවනය 179 ක් සහිතව රථවාහන වැරදි 3647 ක්ද හඳුනාගෙන ඇත.
ඉදිරියේදී ද අපරාධ හා රථවාහන අනතුරු නිවාරණය මුල්කර ගනිමින් මෙවැනි විශේෂ මෙහෙයුම් විවිධ වේලාවන් තුල දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට පොලිස්පතිවරයා විසින් පියවර ගන්නා බවද දන්වා තිබේ.