ඇලෝසියස් බිරිය ඇපල් ෆෝන් එකේ
ඩේටා මකන්න හැදුවලු

මේ දිනවල විබාගයට ගැනෙන මහ බැංකු බැඳුම්කර විමර්ශනයට අදාළව කොමිසමේ නියෝග පරිදි අර්ජුන් ඇලෝසියස් විසින් කොමිසමට භාරදී ඇති ස්මාර්ට් දුරකතනයේ ගිණුමට පිවිස එහි දත්ත විනාශ කිරීමට ඔහුගේ බිරිය වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණිය උත්සාහයක යෙදී ඇති බවට
 ඊයේ (1දා)
කොමිසමේ විමර්ශන මෙහෙයවන ජ්‍යෙයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට පැමිණිලි කර සිටියේය.
ඇලෝසියස් පාර්ශ්වයේ නීතිඥ, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දන්වා තිබුනේ ඇලෝසියස්ට පාස්වර්ඩ් මතක නැති කතාවකි.
මෙය ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බවත් අධිකරණමය බලයක් සහිත විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත කොමිසමක විමර්ශන කටයුතුවලට මෙලෙස බාධා කිරීම හා කොමිසමේ විමර්ශන සඳහා අදාළ කොට ගෙන ඇති යම් භාණ්ඩයක්, ලේඛනයක්, හෝ දත්තයක් විනාශ කොට දැමීම හෝ ඒ සඳහා තැත් කිරීමද අපරාධ කටයුත්තක් සේ සැලකෙන බවද කෝදාගොඩ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ ඇලෝසියස් පාර්ශ්වයේ නීතිඥ, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාට සිහිපත් කර දුන් අතර ඔහුද එය අනුමත කරනු ලැබීය.ෙ
මේ සම්බන්ධයෙන් කොමිසම සුදුසු නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැඟී ඇති බවද ඔහු කියා සිටියේය.
පාස්වර්ඩ් මතක නැති වුවත් පරිගණක විමර්ශකයින්ට ඇපල් සමාම හරහා ඒවා පහසුවෙන් සොයාගන්නට හැකි බවද එහිදී අනාවරණය කෙරිණි.