
සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි
නෙවිල්ගෙන් ඉවත් කර සෙමි ගවන්මන්ට් කරන
කමිටුවේ රහසිගත තීරණ මෙන්න
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජය අද දන්වා ඇත.
ඊයේ දිනයේ පැවති උද්ඝෝෂණ හා සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ මීට හේතුවී ඇත.
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම
තාවකාලිකව නැවැත්වීම සිදුව ඇත.
එහි සඳහන් වන ආකාරයට සයිටම් රජයට මුළුමණින් පවරාගැනීමක් සිදු නොවන නමුත් නෙවිල් ප්‍රනාන්දුගෙන් එය ඉවත් කර රජය හා පුද්ගලික අංශය මැදිහත්වී අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යාමට නිර්දේශ කර ඇති අතර වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සැකසීම වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක්ද යෝජනා කර ඇත.
එම රහසිගත වාර්තාවද අද මාධ්‍ය වෙත නිරාවරණය කළ අතර එය පහතින්




