යාපනය බල ප්‍රදේශයේ
හින්දු දේවාල වල බිලීපූජා තහනම්
විනිසුරු ඉලංචේලියන්ගේ තීන්දුවක්
පසුගියදා යාපනය විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් සහ තමා නිසා අනතුරකට ලක්වූ පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් කැපවීම නිසා කථාබහට ලක්වූ
මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා ඊයේ තවත් සුවිශේෂ නඩු තීන්දුවක් යාපනයේදී ප්‍රකාශයට පත් කළා.
ඒ යාපනය බල පෙදෙසේ හින්දු දේවස්ථානවල සිදුකෙරෙන බිලි පූජා තහනම් කරමිනි.
කවුනාවත්තේ නරසිම්මර් කෝවිලෙහි වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජා කර්මයට එරෙහිව
දීර්ඝ කාලයක් තිස්සේ
බිලි පූජාවට පක්ෂව කරුණු දැක් වූ පාර්ශ්වය කියුවේ අවුරුදු 300ක් පමණ පැරණි චාරිත්‍රයක් වූ මෙම කටයුත්ත තවදුරටත් පවත්වා යුතු බවයි.
නමුත් විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙතෙක් කලක් මෙම චාරිත්‍රය කරගෙන යාමට භාවිත කර ඇත්තේ මස් කඩ නීතිය බවත් මිනිසුන් දසදහසක් පහලොස් දහසක් වැනි පිරිසක් රැස්වන කෝවිලක් වැනි පොදු ස්ථානයක කුකුළන් හෝ එළුවන් තුන් සීයයක් හෝ පන්සියයක් ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත්ය.
මේ වරද ගැන දැනදැනත් හිතාමතා වරින් වර රාජකාරී කළ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුන් මැරීමට බලපත්‍ර ලබා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
2014දී මෙම බිලි පූජා කටයුතුවලට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අනුමැතිය ලබා දී තිබුණද මහේස්ත්‍රාත් අධිකරණයට මස්කඩ නීතියට අනුව බිලි පූජා පැවැත්වීමට අවසර දෙන්නට බැරි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වරද වෙනත් ස්ථානවල සිදුවුවත් තමාට නීති පැනවීමට අපහසු නමුත් අදාළ සීමාව වන යාපනය අධිකරණ බල සීමාව තුළ මින් අනතුරුව බිලි පූජා පිණිස සතුන් මැරීම තහනම් කරන බව ඔහු දන්වා සිටියේය.