සෝමසිරි අලකොලංග
(හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි)
පැවිදි වුණ හේතුව පැහැදිලි කරයි
ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත්වූ පුවත පසුගිය සතියේ වඩාත් කථාබහට ලක්වූ සිදුවීමකි. ගාල්ලේ පන්සලක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ හෙතෙම තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ ආරංචියක්ද වාර්තාවී තිබුණි. නමුත් බලවත් පෙරැත්තය හමුවේ
සෝමානන්ද හිමි වැඩි විස්තර කථාකිරීමට මින් ටික දිනකට පෙර ඉදිරිපත්ව තිබේ. ඒ මෙසේය.
‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක් කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක් කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.
මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක් තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්‌වාමින් වහන්සේනමක් මීට අවුරුදු තිහකට ඉස්‌සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්‌ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්‌ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදුසු තැනක්. හොද පරිසරයක් තියෙන තැනක් නිසා මෙහි පැවිදි වුණා.
පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්‌සක තිහක පමණ ඉඳන් මස් මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ.
මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්‌සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්‌ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක් කරනවා සේවයක් විදියට.
එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්‌ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්‍රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්‌මනට ගමනක් ගිය කලාකරුවෙක් නෙවෙයි. රැකියාවට බාධාවක් නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක් විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්‌ෂේත්‍රයට කරන අවනම්බුවක්‘
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි (දිවයින)